27 C
Colombo
19/01/2025

නව කොවිඩ් ප්‍රභේදය නිසා බ්‍රසීලයේ කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළට

Share with your friends :

කොවිඩ් වසංගතය හමුවේ බ්‍රසීලය මුහුණදුන් මාරාන්තිකම දිනය ලෙස ඊයේ සනිටුහන් වුණා. ඒ ඊයේ දිනයේ පමණක් මරණ 1,954ක් වාර්තාවීමත් සමගින්.
නව කොවිඩ් ප්‍රභේදයක්ද රට පුරා ව්‍යාප්තවෙමින් පවතින පසුබිමක උපරිම ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බ්‍රසීල රෝහල් හා සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි දැක්වෙන්නේ එරට රෝහල්වලින් අඩකම දැඩි සත්කාර ඒකක සියයට 90ක්ම පිරීගොස් ඇති බවයි. B.1.1.7 ප්‍රභේදය ප්‍රථම වරට 2020 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයෙන් අනාවරණය වූ අතර එතැන් සිට තවත් රටවල් 100 කට වඩා සොයාගෙන තිබෙනවා. බ්‍රසීලයෙන් කෝටිය ඉක්මවූ ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර මරණ 268,568 වාර්තා වී තිබෙනවා.

Share with your friends :