27 C
Colombo
20/01/2025

තලෙයිබාන් ත්‍රස්තයන්ගේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශයේ විසිවන වසර සැමරෙයි

Share with your friends :

තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් ලොව උසම බුද්ධ ප්‍රතිමාවන් වූ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කර විසි වසරක් ගතවී තිබේ.
මේ නිමිත්තෙන් ඇෆ්ගනිස්ථාන ජනතාව විශේෂ සමරු උත්සව පවත්වන ලදී.
2001 වසරේ මාර්තු මාසයේදී තලෙයිබාන් ත්‍රස්තවාදීන් බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කරන ලද අතර එය ජාති ආගම් භේද වලින් තොරව ලොවපුරා ජනතාව හෙළාදකින ලදී.
හය වන ශත වර්ෂයේ ඉදිකරන ලද මෙම බුද්ධ ප්‍රතිමා ඉදිකරන ලද සමයේ ඇෆ්ගනිස්ථානය බෞද්ධ රටක් . පසුව අටවන සියවසේදී පමණ ඇෆ්ගනිස්ථානය මුස්ලිම් ආක්‍රමණ වලට ගොදුරුවූ අතර පසුව එය මුස්ලිම් රටක් බවට ක්‍රමයෙන් පත් කෙරිණි.
බාමියන් බුද්ධ ප්‍රතිමා ඉදිකර තිබුනේ බාමියන් නිම්නයේය. එය කාබුල් අගනුවරට කිලෝමීටර් 130ක් දුරින් පිහිටා තිබේ. මෙහි එක් බුද්ධ ප්‍රතිමාවක් අඩි 180 ක්ද අනෙක් ප්‍රතිමාව අඩි 125 ක්ද උසින් යුක්ත විය.
2001 වසරේදී ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම් නොවන සියලු ආගමික සිහිවටන විනාශ කරන්නට තලෙයිබාන් ත්‍රස්තවාදීන් කටයුතු කරන ලද අතර බාමියන් බුද්ධ ප්‍රතිමා ඊට ගොදුරු විය.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර එහි පැවති සැමරුම් උත්සවයේදී 3D තාක්ෂණයෙන් බාමියන් බුද්ධ ප්‍රතිමාව නැවත ප්‍රතිනිර්මාණය කර තිබිණි.

Share with your friends :