27 C
Colombo
25/09/2024

කීරි සම්බා රුපියල් 180 ක් ! සහල් මිල ඉහල ගොස් වෙළෙඳපොළේ සහල් හිඟයක්

Share with your friends :

සාමාන්‍ය වෙළඳපොලේ කීරි සම්බා කිලෝවක් රුපියල් 180 ක් පමණ දක්වා ඉහල ගොස් තිබෙනවා , මීට අමතරව ඇතැම් සහල් වර්ගවල හිඟයක් වෙළෙඳපොළෙහි පවතින බවට වෙළෙඳුන් සහ පාරිභෝගිකයෝ චෝදනා කරනවා. සතොස වෙළඳසල් හා අනෙකුත් සුපිරි වෙළඳසැල්වල වල පවා ඇතැම් සහල් වර්ග හිඟයක් පවතිනවා , වෙළෙඳ අමාත්‍ය බන්ඳුන ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ , සහල් මෝල් හිමියන් විසින් වෙළෙඳ පොළෙහි සහල් හිඟයක් ඇති කළහොත් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි.
කෙසේවෙතත් වෙළෙඳපොළ තුළ වී හිඟයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
විවිධ සහල් වර්ගවල හිඟයක් මේවන විට වෙළෙඳපොළ තුළ මතුව තිබෙන පසුබිමක පාරිභෝගියන් පවසන්නේ රජයේ පාලන මිලට සහල් මිලදි ගැනීමට නොහැකි බවයි.
මේ අතර මහා පරිමාන මෝල් හිමියන් කීපදෙනෙකු සහල් තොග සඟවා ඇතැයි චෝදනා නැගෙනවා , රජය සහල් මිල පාලනය කරන බව කිව්වත් සහල් ආනයනය නොකොට එය පාලනය කල නොහැකි බවයි වෙළඳුන් පවසන්නේ.

Share with your friends :