27 C
Colombo
24/09/2024

‘යුද්ධයට වඩා සාමය බලවත් ‘ – පාප් වහන්සේ ඉරාකයේදී පවසති

Share with your friends :

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමේදී එරට මෝසුල් නගරයේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි පදිංචිකරුවන් ඉස්ලාමීය රාජ්‍ය පාලනය යටතේ ඔවුන්ගේ ජීවිත ගෙන යන අයුරු පිළිබඳ ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අසන්නට ලැබුණා. මෙහිදී ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උතුරු නගරයට ගොස් සෑම ආගමකම මියගිය අය වෙනුවෙන් යාච්ඤා කළා. 84 හැවිරිදි පාප් වහන්සේ 2014 සිට 2017 දක්වා ඉස්ලාමීය රාජ්‍යය විසින් මෝසුල් අල්ලා ගැනීමට පෙර පැරණි නගරයේ සශ්‍රීක මධ්‍යස්ථානය වූ චතුරස්රයක නිවාස හා පල්ලි වල නටබුන් නැරඹීමට එක්වුණා. මෙහිදී පාප් වහන්සේ සඳහන් කළේ, සහෝදරත්වය ප්‍රචණ්ඩත්වයට වඩා කල් පවතින බවත්, බලාපොරොත්තුව වෛරයට වඩා බලවත් බවත්, යුද්ධයට වඩා සාමය බලවත් බවත් අපගේ විශ්වාසය අද අපි නැවත තහවුරු කරමු ” යනුවෙනි.
තවද දෙවියන් වහන්සේගේ නාමයෙන් වෛර කිරීම, ඝාතනය කිරීම හෝ යුද්ධ කිරීම සැමවිටම වැරදි බවත් උන්වහන්සේ කියා සිටියා. කොවිඩ් අවදානම පවතින පසුබිමක විශාල ජනකායක් පාප්වහන්සේ බැහැදැකීමට පැමිණ සිටියා. එසේම කොරෝනා වසංගතය ඇරඹීමෙන් අනතුරුව උන්වහන්සේගේ පළමු ජාත්‍යන්තර සංචාරය වන්නේද මෙයයි. උන්වහන්සේ ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාක ආරක්ෂක භටයින් 10,000ක් කැඳවා තිබෙනවා.

Share with your friends :