27 C
Colombo
25/09/2024

ජෙෆ් බේසෝස්ගේ කලින් බිරිඳ මැකෙන්සි ස්කොට් දරුවන්ගේ ගුරුවරයා සමග විවාහ වෙයි

Share with your friends :

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් හිමිකරු ජෙෆ් බේසෝස් ගේ දික්කසාද බිරිඳ වන මැකෙන්සි ස්කොට් නැවත වරක් විවාහ වී තිබේ. ඒ තම දරුවන් ඉගෙනුම ලබන පාසලේ විද්‍යා ගුරුවරයා වන ඩැන් ජෙවෙට් සමගය.මෙම විවාහයට ජෙෆ් බේසෝෆ් සුභපතා තිබේ.ජෙෆ් බේසෝස් ඇය සමග වසර 25 ක් විවාහ වී සිටි අතර 1994 දී ඇමසෝන් ආයතනය ආරම්භ කිරීමටද ඇය ඔහුට බෙහෙවින් උපකාර කළාය.
ජෙෆ් බේසෝස් සමග දික්කසාදයෙන් හිමිවූ මුදලින් ඇය ලොව ධනවත්ම කාන්තාවක් බවට පත්වූ අතර ඇය මේ වන විට ලොව ප්‍රධානම පෙලේ දානපතිනියකි.මැකෙන්සි ස්කොට් දැනට සියැටල් හි ජීවත් වෙයි. ලොව 22 වන ධනවතා වන්නේ මැකෙන්සි ස්කොට්ය.

Share with your friends :