27 C
Colombo
24/09/2024

ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයකින් පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම් කරයි

Share with your friends :

ස්විට්සර්ලන්තයේ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම් කර තිබේ. තිබේ. මේ සඳහා වන ජනමත විචාරණය ස්විට්සර්ලන්ත ජනතාව වැඩි ඡන්දයෙන් අනුමත කර තිබේ. මේ අනුව එරට මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව හා නිකාබ් තහනම් කර තිබේ.
කෙසේ වෙතත් එරට මුස්ලිම් සංවිධාන ඊට විරෝධය පල කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර තිබේ. ලක්ෂ 86 ක් වන ස්විට්සර්ලන්තයේ ජනතාවගෙන් සියයට පහක් මුස්ලිම්වරු වෙති. ඔවුන් අතරින් වැඩි පිරිස තුර්කිය, බොස්නියා හා කොසොවෝ යන රටවලින් පැමිණි පිරිස් වෙති.
පුර්ණ ප්‍රජතනත්රවදී ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන එරටේ ජනතාවට තම මතය ඍජුව ප්‍රකාශ කරන්නට අවස්ථාව ලැබී තිබේ.

Share with your friends :