27 C
Colombo
24/09/2024

වැලිමඩ සති හතක බිලිඳියක් කොවිඩ් ආසාදනයවී කොළඹ ළමා රෝහලේදී මරුට

Share with your friends :

කොවිඩ් ආසාදිතවූ වැලිමඩ ප්‍රදේශයේ සති හතක බිළිඳියක මිය ගොස් තිබේ.එම බිළිඳිය ප්‍රථමයෙන් වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව එතැනින් දුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත. එහිදී බිලිඳියගේ රෝගී තත්වය උත්සන්නවූ බැවින් එතැනින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ගෙන එන ලදී.
පසුව එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම බිළිඳියක් කොරෝනා ආසාදනයවීමෙන් පැවැති රෝගී තත්ත්වය උත්සන්න වී මියගොස් තිබේ.
එම බිළිඳියගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්ය.
පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත බිළිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඥාතීන්ට භාරදී ඇති අතර එය නියමිත පරිදි අදාළ ස්ථානයක භූමදානය කෙරෙනු ඇති බව සඳහන්වේ.

Share with your friends :