27 C
Colombo
25/09/2024

ප්‍රංශයේ ධන කුවේරයකු වන ඔලිවර් ඩසෝල්ට් හෙල්කොප්ටර් අනතුරකින් මරුට

Share with your friends :

ප්‍රංශයේ ධන කුවේරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔලිවර් ඩසෝල්ට් නෝමන්ඩි හිදී සිදුවූ හෙල්කොප්ටර් අනතුරකින් මිය ගොස් තිබේ. මොහු ලොව 361 වන ධනවතා ලෙස සැලකේ.
69 හැවිරිදි ඔලිවර් ඩසෝල්ට් ගේ නිවාඩු නිකේතනයක් එහි ඇති අතර එහි සිට හෙලිකොප්ටරය අහසට නංවද්දී එය අනතුරට ලක්ව තිබේ. අනතුරින් නියමුවාද මිය ගොස් තිබේ.
ඔලිවර් ඩසෝල්ට් ගේ පවුලට අයත් යුද ගුවන් යානා නිපදවන සමාගමක් ඇති අතර ප්‍රංශයේ සුප්‍රකට Le Figaro පුවත්පතද ඔවුන්ට අයත්වේ.
2002 දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණු ඔලිවර් ඩසෝල්ට් උතුරු ප්‍රංශයේ ඔයිසේ ප්‍රදේශය නියෝජනය කළේය.

Share with your friends :