27 C
Colombo
24/09/2024

රජයේ සේවකයන් සඳහා විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවතට-විරෝධතා රැසක්

Share with your friends :

රජයේ සේවකයන් බඳවා ගැනීමේ ,උසස්වීම් පිරිනැමීමේ හා කාර්යක්ෂමතා කඩ ඉම් විභාග ඇතුළු රාජ්‍ය සේවයට බලපාන විභාග මින් ඉදිරියට ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) මගින් පැවැත්වීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ විරෝධය පලවී තිබේ.
එසේම අධ්යප්පන ක්ෂේත්‍රයේ බොහෝ පිරිස්ද රජයේ මෙම තීරණයට විරෝධය පළකර ඇත්තේ මේ හේතුවෙන් අදාළ විභාගවල තත්වය හා විශ්වසනීය තත්වය සමබන්ධයෙන් බරපතල ගැටළු ඇතිවන බව පවසමිනි.
දැනට ඇති අණපනත් අනුව මෙය තනිකරම විභාග දෙපාර්තමේන්තුවට අයත් කාර්යයක් වන අතර මෙය වෙනස් කරන්නට නම් පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන ආයුතු බව පැවසේ.
ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනය බොහෝදුරට පුහුණු කිරීමේ ආයතනයක් වන අතර ඔවුන්ට විභාග පැවැත්වීම සඳහා නිසි ආයතනමය ව්‍යුහයක් නැත. එසේම විභාග පැවැත්වීමේදී පවත්වා ගත යුතු රහස්‍යභාවය පවත්වා ගැනීමට පහසුකම් හෝ ක්‍රමවේද ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනය සතුව නොතිබීම තුල අදාල විභාග සම්බන්ධයෙන් ඇති ජනතා විශ්වාසයද බිඳ වැටීමට ඉඩ තිබේ. එසේම ජාත්‍යන්තරව මෙරට විභාග සම්බන්ධයෙන් ඇති පිළිගැනීම පවා මේ හේතුවෙන් නත්වී යාමට ඉඩ ඇති බව පැවසේ.
විභාග දෙපාර්තමේන්තුව දැනට විවිධ බඳවා ගැනීම්,සීමිත තරග විභාග , උසස්වීම් විභාග ඇතුළු විභාග 350 කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වනු ලබයි. කෙසේ වෙතත් මේ සියලු විරෝධතා මැද මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ද සම්මත කර ගෙන තිබේ.

Share with your friends :