27 C
Colombo
24/09/2024

පැරගුවේ ජනපතිගෙන් ලොවට ආදර්ශයක්-චූදිත ඇමතිවරු ඉවත් කර නව ඇමතිවරු 4 ක් පත්කරයි

Share with your friends :

කොරෝනා මර්දන කටයුතු හා දුෂණ වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් පැරගුවේ රජයේ ඇමතිවරුන් තිදෙනෙකු එරට ජනාධිපති මාරියෝ අබ්ඩෝ බෙනිටේස් විසින් එරට ඇමතිවරුන් තිදෙනෙකු ඉවත් කර තිබේ.
රජයට එල්ලවූ චෝදනා හමුවේ ජනතාව උද්ඝෝෂණ පැවැත්වූ අතර ජනතා විරෝධය පිළිගනිමින් ජනාධිපතිවරයා අදාල ඇමතිවරුන් ඉවත් කිරීම සිදු කළේය.
රෝහල් වල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ නොමැති බවට සෞඛ්‍ය සේවකයන් විසින් සිදුකරන ලද චෝදනා හමුවේ එරට සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්විය.
ඉන්පසුව චෝදනා එල්ලවූ අධ්‍යාපන,කාන්තා කටයුතු හා මහජන කටයුතු ඇමතිවරුන් තිදෙනා ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබේ.
මේ ඇමතිවරුන් වෙනුවට නව ඇමතිවරුන් පත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පැරගුවේ ජනමාධ්‍ය ඇමති ජුවාන් මැනුවල් බ්රුනෙටි පැවසුවේ ජනතා හඬට කන්දෙමින් ජනාධිපතිවරයා අදාළ තීරණ ගත බවයි.

Share with your friends :