27 C
Colombo
24/09/2024

හොංකොං මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ චීන උත්සාහයට ඇමරිකාවේ දැඩි විරෝධය

Share with your friends :

හොංකොං රාජ්‍යට දීප්තිමත් අනාගතයක් ලබාගැනීම සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ චීනයේ බීජිං හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් වැන්ග් කියා සිටියේ යටත් විජිත සමයේ හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබූ බවත් හොංකොං පාලනය කළ යුත්තේ “දේශප්‍රේමීන්” පමණක් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා. හොංකොං රාජ්‍ය පිළිබඳව පසු ගිය දින වල චීනය සිදු කළ ක්‍රියාවන් එක්සත් ජනපදය සහ එහි මිත්‍රශීලී රටවල් සිදු කරනු ලැබූ ප්‍රකාශ චීනය අනුමත නොකරන බවත්, හොංකොංහි ප්‍රශ්න අභ්‍යන්තර කාරණයක් බවත් විදේශිකයන්ට මැදිහත් වීමට අයිතියක් නැති බවත් ඔහු මෙහිදී පවසා තිබෙනවා.
කෙසේ වෙතත් චීනයේ මෙම මැදිහත්වීමට ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය දැඩි විරෝධය දක්වනවා , හොංකොං පවරා ගන්නා විට චීනය පොරොන්දු වුනේ වසර පනහක් යනතුරු චීන නීතිරීති වලින් තොරව හොංකොං දේශයට ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ දෙන බවටයි .

Share with your friends :