27 C
Colombo
24/09/2024

රජයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරි අවසන් – හෙට සිට සේවයට වාර්තා කිරීම අනිවාර්යවේ

Share with your friends :

නිවසේ සිට රාජකාරී කටයුතුවල යෙදීමට රජයේ සේවකයන් සඳහා ලබාදී තිබු අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් අවසන් කර තිබේ.
මේ අනුව රජයේ සේවකයන්ට හෙට සිට රාජකාරියට වාර්තා කිරීම අනිවාර්ය වේ. හෙට සිට සේවයට වාර්තා නොකරන රජයේ සේවකයන් නිවාඩු ලබා ගත් ලෙස සැලකේ. රාජකාරී සඳහා වාර්තා කරන රජයේ සේවක සේවිකාවන්ගේ හා අදාල ආයතනවල සේවය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍ය තත්වය යහපත් ලෙස පවත්වා ගෙන යාම ඒ ඒ ආයතන ප්‍රධානියා පියවර ගත යුතුවේ.
එසේම ආයතන වල කටයුතු කොවිඩ් පාලන නීතිරීති අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ යටතේ සිදු කිරීමේ වගකීමද ආයතන ප්‍රධානියාගේ වගකීමකි. එසේම රාජ්‍ය ආයතනවලින් ජනතාවට සාමාන්‍ය සේවා පවත්වන ලෙස ආයතන ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය උපදෙස් දී තිබේ.

Share with your friends :