27 C
Colombo
23/09/2024

මහජන බැංකුවේ සභාපති සුජීව තමන්ගේම සමාගමකට ලක්ෂ 230 ක් ණයට දී ඇතැයි චෝදනා

Share with your friends :

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් කිරීමට නියමිතව ඇතැයි එම මූල්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් ද නොතකා හරිමින් ඔහු ප්‍රධානියා ලෙස කටයුතු කරන BDO Partners විගණන සමාගමට රුපියල් මිලියන 23ක ණය මුදලක් මහජන බැංකුවෙන් ලබා ගෙන ඇතැයි චෝදනා එල්ලවීම මීට හේතුවයි.
මහජන බැංකුවේ රෙගුලාසි අභිබවා සභාපතිවරයාගේ බලය භාවිතා කරමින් මිලියන 23ක ණය මුදලක් තමන්ගේ සමාගම වෙත ලබා ගෙන ඇත්තේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ණය කමිටුවේ අනුමැතියකින් තොරව සිය නිල බලය උපයෝගී කර ගනිමින් බවට චෝදනා එල්ලවී තිබේ. කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් තවමත් මහජන බැංකුව කිසිදු නිල පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ හා පෞද්ගලික වාණිජ බැංකුවලට ලබාදී ඇති උපදෙස්වලට අනුව, එවැනි බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ඔහුට හෝ පවුලේ ඥාතියකු හෝ හිතවතකුට සිය බැංකුවෙන් ණය මුදලක් ලබා ගන්නේ නම් සුරැකුම් ඉදිරිපත් කිරීම අනිවාර්ය අතර මෙම ණය මුදල ලබා දීමේදී එවැනි කිසිම සුරැකුමක් ලබාගෙන නැත.
මහජන බැංකුවේ සභාපතිවරයාට විරුද්ධව මේ වන විටත් මහ බැංකු අධිපතිවරයා වෙතද පැමිණිල්ලක් සිදු කිරීමට විපක්ෂය විසින් කටයුතු කර තිබේ.
මහජනතාවගේ තැන්පතු හා ස්ථිර තැන්පතු සඳහා පොලිය සියයට 2/3/5 ආදී ඉතාම අඩු පොලී අනුපාත ලබාදෙමින් පුද්ගලික සමාගම් සඳහා විශාල ලෙස ණය ලබා දෙන්නට බැංකු කටයුතු කරමින් සිටිති.

Share with your friends :