27 C
Colombo
23/09/2024

පාප් වහන්සේ ඉරාකයේ සංචාරයක් ආරම්භ කරයි

Share with your friends :

පාප් වහන්සේ ඉරාකය වෙත පැමිණ තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා සහ අන්තවාදී ක්‍රියා වහාම නවතා දමන ලෙස එහිදී පාප් වහන්සේ ඉල්ලා ඇත.
පාප් වහන්සේ කෙනෙකු ඉරාකයට පැමිණ ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටය. මෙය කොරෝනා වසංගතයෙන් පසු පාප් වහන්සේගේ ප්‍රථම නිල සංචාරයයි. මෙහිදී පාප් වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ දෙනා බිය පළකලද පාප් වහන්සේ පවසා ඇත්තේ එය තමාගේ රාජකාරිය බවය.
84 හැවිරිදි ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ආරක්ෂාව සඳහා ඉරාක ආරක්ෂක භටයන් දස දහසක් සේවයේ යොදවා තිබේ.
ඉරාක අගමැති මුස්තාෆා අල් කධීමි ගුවන්තොටුපලේදී පාප් වහන්සේ පිළිගත්තේය.

Share with your friends :