27 C
Colombo
23/09/2024

කොරෝනා සහන කාලයටත් ලීසිං සමාගම් අධික පොලී අයකරලා -ජනතාවගෙන් කබ්රාල්ට පැමිණිලි

Share with your friends :

කොරෝනා කාලසීමාවේදී රජය විසින් ජනතව වෙත ලබා දුන් ෆිනෑන්ස් හා ලීසිං සහන කාලසීමාවන් සඳහාද පොලී ගෙවන ලෙස බැංකු හා ලීසිං සමාගම් විසින් පාරිභෝගිකයනට දන්වා තිබේ. මෙම කාලය සඳහා සියයට 11.5 ක විශාල පොලියක් ගෙවන ලෙස අදාල බැංකු හා ලීසිං සමාගම් විසින් පාරිභෝගිකයනට දන්වා යවා ඇත. ඇතැම් ලීසිං සමාගම් විසින් හිඟ මුදල හා පොලිය ගෙවන ලෙසත් නැතහොත් නීතිමය පියවර ගන්නා බවටත් පාරිභෝගිකයන් වෙත දන්වා තිබේ.
මේ අනුව වහාම සහන සපයන ලෙස සමස්ත ලංකා ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව විසින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

Share with your friends :