27 C
Colombo
23/09/2024

අඩු වියදම් LNG ව්‍යාපෘති ප්‍රමාද කරන්නට ඩීසල් විදුලි මාෆියාවෙන් කුමන්ත්‍රණයක්

Share with your friends :

මෙරට ඩීසල් විදුලි බල මාෆියාව නැවත ක්‍රියාත්මකවී LNG ව්‍යාපෘති ක්‍රියාත්මකවීම ප්‍රමාද කිරීමට උත්සහ දරන බවට විදුලි බල ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. ඒ හරහා ඩීසල් මාෆියාවේ උත්සාහය වන්නේ LNG මගින් රුපියල් 15 ක් හෝ ඊට අඩුවෙන් නිපදවිය හැකි විදුලි ඒකකයක් හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 30 ත් 40 ත් මිලකට මිලදී ගැනීම වන අතර මෙය පිටුපස ව්‍යාපාරිකයන් , විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් පිරිසක් හා ඉහල නිලධාරීන් පිරිසක් සිටිති.
එහි අලුත්ම නාටකය වන්නේ මෙරට මුල්ම LNG ව්‍යාපෘතිය සඳහා Floating Terminal එනම් FSRU (Floating Storage and Regasification Unit) ඉදිකිරීම විදුලි බල අමාත්‍යංශය මගිනුත් ඒ සඳහා Pipe Line නැතහොත් නල එලීම බලශක්ති අමාත්‍යංශය මගිනුත් ටෙන්ඩර් කැඳවීමය. එසේම බලාගාරය සඳහා තවමත් ටෙන්ඩර් කැඳවා නැති අතර ඒ සඳහා තවත් කාලය ගත කිරීම යනු මේ ව්‍යාපෘතිය දිගින් දිගටම ප්‍රමාදවීමය.
සාමානයෙන් එකම ආයතනයක් මගින් මේ සඳහා ටෙන්ඩර් කැඳවීම සිදුකරන අතර එසේ නොකිරීම තුල Floating Terminal (FSRU) සහ Pipe Line යන දෙකම එකවර ඉදිනොකළහොත් එකකින්වත් වැඩක් ගත නොහැකි වන අතර එසේ ප්‍රමාදවන කාලය මුළුල්ලේ වැඩි මුදලට ඩීසල් මාෆියාවට අයත් බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට සිදුවනු ඇත.
මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය ,දකුණු කොරියාව හා ඉන්දියාව යන රටවල් LNG ව්‍යාපෘති සඳහා යෝජනා කීපයක්ම ඉදිරිපත් කර ඇති අතර ඒ සියල්ල විදුලි ඒකකයක් රුපියල් 15 ට අඩුවෙන් ලබාදීමට එකඟවී ඇත්තේ එම රටවල වියදමින් අදාළ ව්‍යාපෘතියද සිදු කිරීමේ කොන්දේසිය යටතේය.
මේ සියල්ල එකම අමාත්‍යංශයක් යටතේ සිදු කිරීම වැදගත් වන්නේ ඒ හරහා අවශ්‍ය තීරණ සියල්ල ඒ හරහා ගැනීමට හැකිවීමයි. එසේම මේ ආකාරයට තැනින් තැනින් මේවා සිදු කිරීමේ අවසන් ප්‍රතිපලය වන්නේ තවත් වසර ගනනාවක් LNG ව්‍යාපෘති ප්‍රමාදවීමත් ඒ හරහා තවත් දීර්ග කාලයක් වැඩි මුදලට විදුලිය ලබා ගැනීමට ජනතාවට සිදුවීමත්ය.

Share with your friends :