27 C
Colombo
23/09/2024

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට

Share with your friends :

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි 20 තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ඒ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව ගත තීරණය නිවැරදි එකක් බවට සනාථ කරමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු සංඛ්‍යාව 160 ක් රැස් කල අතර එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් රැස්කළ අතර නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණකි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 17ක් ලබා දෙමින් කොදෙව් කඩුලු 03 බිඳ දැමු අතර අකිල ධනංජය ලකුණු 13ක් ලබාදී එක් කඩුල්ලක්ද ලක්ෂාන් සඳකැන් පන්දුවාර ලකුණු 10කට කොදෙව් කඩුලු 03ක්ද දවා ගත්හ.

Share with your friends :