27 C
Colombo
19/01/2025

ලොව ප්‍රසිද්ධම හා වැඩිම ආදායමක් උපයන සංගීත කණ්ඩායම ලෙස BTS තෝරා ගැනේ

Share with your friends :

2020 වසරේ ලොව ප්‍රසිද්ධම හා වැඩිම ආදායමක් උපයන සංගීත කණ්ඩායම ලෙස දකුණු කොරියාවේ BTS හෙවත් Bangtan Boys සංගීත කණඩායම තෝරා ගෙන තිබෙනවා, ලොව මෙම ස්ථානය හිමිකරගත් බටහිර හෝ ඉංග්‍රීසි හෝ නොවන ප්‍රථම සංගීත කණ්ඩායම BTS .
BTS සංගීත කණ්ඩායම 2010 වසරේ ආරම්භ වුනේ කොරියාවේ සියෝල් නගරයේදී , එහි සාමාජිකයන් හත් දෙනෙකු සිටිනවා ,2013 වසරේ ඉඳන් තමයි ඔවුන් ප්‍රසිද්ධියට පත් වෙන්න පටන් ගත්තේ , RM, Jin, Suga, J-Hope, Jimin, V, Jungkook එහි සාමාජිකයන් , ඔවුන් දකුණු කොරියාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි අය . 2016 වසරේ ඔවුන්ගේ Wings ඇල්බමය මිලියනයක් අලෙවි වුනා , එතැන් සිට ඔවුන් දියුණුවේ ඉහලටම නැග්ගා , මේ වන විට ඔවුන්ගේ ඇල්බම මිලියන ගනනක් ලොව පුරා අලවි වන අතර ඒ මගින් බිලියන ගණනින් ඔවුන්ට මුදල් ගලා එනවා , මේ වන විට දකුණු කොරියාවට විශාල විදේශ විනිමයක් උපාය දෙන කණ්ඩායමක් බවට ඔවුන් පත්වෙලා තිබෙනවා , මෙවන් සාර්ථකත්වයක් ලැබූ ප්‍රථම කොරියානුවන් වන්නේද මේ කණ්ඩායම, එසේම දකුණු කොරියාවට විදෙස් සංචාරකයන් ගමන් කරන්නට ප්‍රධාන හේතු අතරින් එකක් හැටියටත් ඔවුන් සැලකෙනවා , එසේම ලොව පුරා කොරියානු සංස්කෘතිය හා භාෂාව ප්‍රචාරය කරන්නට ඔවුන් දැක්වූ දායකත්වය වෙනුවෙන් දකුණු කොරියානු රජය ඔවුන්ට එරට විශිෂ්ඨතම පුරවැසියන්ට ලබා දෙන සම්මාන පවා ලබා දී තිබෙනවා ,

V, SUGA, Jin, J-Hope, RM, Jimin, and Jungkook of BTS
Share with your friends :