27 C
Colombo
23/09/2024

සියල්ලන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් සහතික කරන බව ජනපති පවසයි

Share with your friends :

සියලු පුරවැසියන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම තම රජයේ මූලික අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයේදී පැවසීය.
ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 05 ප්‍රහාරක ගුවන් බලඝනය සහ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝනය වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම සිදුකෙරුණි.
වර්ණ ප්‍රදානයෙන් පසු කටුනායක මූලික ගුවන් කඳවුරේ සී 130 ගුවන් බලඝන දෙකක්ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වු අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

Share with your friends :