27 C
Colombo
23/09/2024

බිස්කට් හා චොකලට් සමාගම් මිලදී ගැනීමට බැරිවූ නිසා ධම්මික පෙරේරා නව කර්මාන්තශාලාවක් අරඹයි

Share with your friends :

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බිස්කට් සහ චොකලට් ව්‍යාපාරයටද පිවිස තිබේ. මෙරට ප්‍රධාන පෙලේ බිස්කට් සමාගමක් හා චොක්ලට් සමාගමක් මිලදී ගැනීමට පසුගිය කාලයේ ඔහු උත්සහ ගත් නමුත් ඒවායේ හිමිකරුවන් එම ආයතන විකිණීම ප්‍රතික්ෂේප කරන ලදී.
ඉන්පසුව ඔහු අලුතින්ම බිස්කට් සහ චොකලට් නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන්නට තීරණය කර ඇති අතර ඒ සඳහා හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ අක්කර 35 ක් මේ සඳහා තෝරා ගෙන තිබේ.එම භුමියේ අතිනවීන කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා අවශ්‍ය කෙරෙන මූලික අදියරේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
මේ වන විට ශ්‍රී ලංකාවේ මාසික බිස්කට් අවශ්‍යතාවය ටොන් 12,000 ක් සහ චොකලට් අවශ්‍යතාවය ටොන් 1,400 ක් පමණ වන අතර එය සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි ආකාරයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක් යටතේ ඉදි කෙරේ. නව කර්මාන්තශාලාව මගින් සිය නිෂ්පාදනයෙන් සියයට පහළොවක් දේශීය වෙළඳපොලටද ඉතිරි සියයට 85 විදේශීය වෙළෙඳපොළටද නිකුත් කිරීමට නියමිතය. ලොව ප්‍රධාන පෙළේ සන්නාමයන්ගෙන් බිස්කට් වර්ග 5 ක් සහ චොකලට් වර්ග 3 ක්ද මෙම කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කිරීමට නියමිත බව සඳහන්ය.
මීට අමතරව මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මහාපරිමාණ කොකෝවා වගාවක් ද ආරම්භ කිරිමට නියමිතය. ඒ් අනුව මෙතෙක් නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයක් යටතේ පමණක් බහුලව දැකිය හැකි වූ දර්ශනීය කොකෝවා වගාවක් ඇරඹේ. එසේම මෙරට ගොවීන්ට කොකෝවා සඳහා ඉහල මිලක් ලබා දීමටද යෝජිතය. එසේම මෙම කර්මාන්ත ශාලාව හරහා නව ඍජු රැකියා 1,500 ක් ඇති කෙරෙන අතර තවත් දහස් ගනනකට ඒ ආශ්‍රිත වක්‍ර රැකියා අවස්ථා ඇති කෙරෙනු ඇත.
චොකලට් ව්‍යාපාරය විශාල ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බව සඳහන්ය.

Share with your friends :