තුර්කියේදී හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටීම නිසා හමුදා නිලධාරීන් 11 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ටට්වාන් නගරයේ සෙක්මේසි හිදී මෙම අනතුර සිදුව තිබේ. මෙයින් නවදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
මියගිය පිරිස අතර හමුදාපතිවරයෙක්ද වෙයි.
