27 C
Colombo
23/09/2024

කොරෝනාවෙන් මියයන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ භුමිදානයට මඩකළපුවෙන් ඉඩමක්

Share with your friends :

කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කෝරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද අක්කර දෙකක පමණ වන ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත. මේ සඳහා රජය මුලින්ම ඉරණතිව් දුපත ලබා දුන්නද එම දූපත් වාසීහු ඊට දැඩි විරෝධය පල කළහ.
මේ වන විට මඩකලපුව අදාළ ඉඩමේ භූමදාන කටයුතු සඳහා වළවල් හෑරීමේ කටයුතු ආරම්භ කර ඇත.සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බවද තහවුරු කර තිබේ.තෝරා ගෙන ඇති භූමිය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයකි.

Share with your friends :