27 C
Colombo
19/01/2025

මියන්මාර පොලිස් වෙඩි තැබීම්වලින් දරුවන් දෙදෙනෙකු ඇතුළු 38 ක් මරුට

Share with your friends :

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව දියත් කර ඇති විරෝධතා වලට අද සිදු කල පොලිස් පහරදීම් වලින් 38 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත්ව සිටින සෞඛ්‍ය සේවකයනටද පොලීසිය හා හමුදාව විසින් දරුණු ලෙස පහරදී තිබේ.
මණ්ඩාලේ මොනිවා ප්‍රදේශවලදී සිදුවූ පොලිස් වෙඩි තැබීම් වලින් යොවුන් දරුවන් දෙදෙනෙකුද මිය ගොස් තිබේ. මේ ළමා මරණ ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විරෝධයට හේතුවී ඇති අතර
මේ හේතුවෙන් මියන්මාර හමුදාවට එරෙහිව යුද අපරාධ පවා එල්ලවීමේ ඉඩක් පවතී.
කොතෙක් ප්‍රහාර වලට ලක්වුවද මියන්මාර වැසියෝ දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ වහාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසය.
මේ දක්වා මියන්මාරයේ මේ දක්වා පොලිස් පහරදීම් වලින් පසුගිය දින කිහිපයේ 59 දෙනෙකු මිය ගොස් තිබේ.

Share with your friends :