නවසීලන්තයේ ප්රබල භූමිකම්පාවක් සිදුවී තිබේ. ඒ සමගම සුනාමි අනතුරු හැඟවීම් ද නිකුත් කර තිබේ.
නවසීලන්තයේ ගිස්බෝන් නගරය ආසන්නයේ සිදුවූ මෙම භූමිකම්පාව ඒකක 6.9 ක ප්රබලත්වයෙන් යුක්තය. මෙය මුලදී ඒකක 7.3 ක ප්රබලත්වයෙන් යුතු බවට ප්රකාශ විය.
එරට මුහුද ආසන්නයේ සිටින ජනතාවට උස් බිම් කරා යන ලෙස දන්වාතිබේ.
මෙම ප්රදේශයේ 35,500 ක ජනතාවක් වාසය කරති.