27 C
Colombo
19/01/2025

අෂ්රෆ් ඕමාර් ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Share with your friends :

ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අෂ්රෆ් ඕමාර් මහතා එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
පසුගිය 01 වැනිදා සිට ඔහු ඉල්ලා අස් වී ඇති අතර ශ්‍රීලංකන් සභාපති අශෝක් පතිරගේ මහතා පවසන්නේ අෂ්රෆ් ඕමාර් මහතා පෞද්ගලික හේතුවක් මත අධ්‍යක්ෂ තනතුරින් ඉල්ලා අස් වූ බවයි.
ඕමාර් මහතා ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරුනේ පසුගිය 2020 වසරේදීය. අෂ්රෆ් ඕමාර් මහතා බ්‍රැන්ඩික්ස් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරියාද වෙයි.
මීට පෙර ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරුන් ලෙස පත් කර සිටි ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් කිසිදු හේතුවක් නොමැතිව එක්වරම ඉල්ලා අස්වූහ.

Share with your friends :