27 C
Colombo
16/11/2024

කොවිඩ් මෘත දේහ වළලන්නට හෑරූ වලවල් ඉරණතිව් වැසියෝ වසා දමති

Share with your friends :

කොවිඩ් 19 වයිරස ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සැකසු වළවල් වසා දැමු ඉරණතිවු දූපත් වැසියෝ දූපතට මෘතදේහ ගෙන ඒමට විරෝධය පළ කරමින් විරෝධතාවයකද නිරත වුහ.

කොවිඩ් මෘත දේහ දූපතට රැගෙනඒම හරහා දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්‍යම අහිතකර තත්වයන් රැසක් උද්ගත වන බවත්,කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු අවසරයක් ද ලබානොදෙන බවත් , ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තීය කර ගැනීමට නොහැකි වන බවත් විරෝධතාවයට එක්වූ ජනතාව මෙහිදී පැවසුහ.

යුද සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර, ජනතාව ජිවත්වන භූමියක කොවිඩ් මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බවද මෙය මුස්ලිම් ජනතාව හා කිතුණු ජනතාව අතර පවතින සහයෝගය බිඳ දැමීමමේ උත්සහයක් මෙහිදී ජනතාව කියා සිටියහ.

Share with your friends :