ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1951 මාර්තු මස 2 වන දින “රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව“ ලෙස ආරම්භ කරන ලද ගුවන් හමුදාව අද වන විට 34,000 පමණ පිරිසකගෙන් ද ගුවන් යානා 100කට වැඩි විශේෂ බලගණවලින් සමන්විතයි. එමෙන්ම 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් 467කට හා සෙසු නිලයන් 7,290 දෙනෙකුට ද උසස්වීම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
මාර්තු 3,4 සහ 5 යන දිනවල දී කොළඹ ගාලුමුවදොර පිටියේ දී ගුවන් යානා සංදර්ශනය පැවැත්වීමට නියමිතයි.
