27 C
Colombo
19/01/2025
up price inflation cost

සේවය අවසන් කිරීමේ වන්දිය රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කෙරේ

Share with your friends :

සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 ක් දක්වා කම්කරු දෙපාර්තමේන්තුව මගින් වැඩිකර තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇති අතර එම නීතිය මේ වන විට ක්‍රියාත්මක බවයි.
1971 අංක 25 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතේ 2005 සිට ක්‍රියාත්මක කළ වන්දි සූත්‍රය අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 1,250,000 ක් වන අතර එම මුදල ලක්ෂ 25 ක් දක්වා වැඩිකිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කළ යෝජනාවක් අනුව මෙම වැඩිකිරීම සිදුකර ඇත.
වැඩ කරන ජනතාව අතරින් අයෙක් සේවයේ යෙදී සිටිය දී මිය ගිය අවස්ථාවක ඔහු වෙනුවෙන් ගෙවනු ලබන වන්දිය ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අනාගත අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති විසින් පෙන්වා දී ඇති බවත් ඒ අනුව මෙසේ වන්දි මුදල වැඩි කරනුයේ වසර 15 කට පසුවය.

Share with your friends :