27 C
Colombo
19/01/2025

ට්‍රම්ප් යලි කරලියට-රිපබ්ලිකන් පාක්ෂිකයන් එක්කරගෙන 2024 ජනපතිවරණයට එන බව කියයි

Share with your friends :

සති කීපයක් නිහඬව සිටි ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් නැවත කරලියට පැමිණ තිබේ. ඒ ෆ්ලොරිඩාවේදී රැස්වීමක් අමතමින්,
මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කලේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවන්නට තමන්ගේ අදහසක් නැති අතර තමන් විසිරී සිටින රිපබ්ලිකන් පාක්ෂිකයන් නැවත ඒකරාශී කිරීමට බලාපොරොත්තු වන බවයි. එසේම තමන් ලබන වර එනම් 2024 ජනාධිපතිවරණය සඳහා තරග වදින්නට බලාපොරොත්තු වන බවටත් ඔහු ඉඟි කළා , අලුත් පක්ෂයක් නිර්මාණය කළහොත් එමගින් කිසි දිනක ජයග්‍රහණයක් නොලැබෙන අතර ඒ මගින් රිපබ්ලිකන් පක්ෂය දෙකඩ වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළා ,
එසේම තමන්ගේ “America First” ප්‍රතිපත්තිය මේ වනවිට “America Last” බවට ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් පත් කර තිබීම ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වුනා ,
මෙහිදී ට්‍රම්ප් වෙත රැස්ව සිටි ජනතාවගෙන් ඉතාම ඉහල ප්‍රතිචාරයක් ලැබුනා , මේ වන විට සමාජ මාධ්‍ය මගින් ට්‍රම්ප් ගේ ගිණුම් අත්හිටුවා තිබුනත් රිපබ්ලිකන් පාක්ෂිකයන් තවමත් ට්‍රම්ප් සමග සිටින බවට මේ රැස්වීම හොඳ උදාහරණයක්,
ජනාධිපති ධුරයෙන් ඉවත්වූදා සිට ඔහු ජීවත්වන්නේ ෆ්ලොරිඩාහි ඔහුට අයත් සුපිරි මාර් ලාගෝ ගොල්ෆ් නිකේතනයේ ,

Share with your friends :