27 C
Colombo
19/01/2025

කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුට ඉක්මනින් දඩුවම්දෙන්න-පෙම්වතිය ඉල්ලයි

Share with your friends :

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් සෞදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ඉක්මනින් දඩුවම් පමුණුවන්නැයි කොෂෝග්ජිගේ පෙම්වතිය වන හාටිස් සෙන්ගිස් ඉල්ලීමක් කර තිබේ.
සෞදියේ බලවත්ම පුද්ගලයා ලෙස පිළිගැනෙන්නේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුය.ඇමෙරිකානු බුද්ධි වාර්තා අනුව, සල්මාන් කුමරු එම ඝාතනයට සිය අනුමැතිය පළකර ඇතැයි පසුගියදා හෙළි වුවද මෙම ඝාතනය සිදුවූ මොහොතේ පටන් එය ඔහුගේ අනුදැනුම ඇතිව සිදුවූ බව ලොවම දැන සිටියා ,
කාලයක් තිස්සේ සෞදි රජ පවුලේ විශ්වාසවන්ත මිතුරෙකු වූ කශෝගී සෞදි රජයේ උපදේශකවරයකු ලෙසද කටයුතු කළා ,
පසුව ඇමරිකාවට පලාගිය අතර පසුව සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් දක්වමින් ලිපි ලිවීම සිදු කළා , සෞදියේ සැබෑ තත්වය ඔහු ලොවට හෙලිකලා ,එරට සිදුවෙන දේශපාලන පළිගැනීම්, ඝාතන සම්බන්ධයෙන් ඔහුගේ විරෝධය සල්මාන් කුමරු වෙත එල්ලවුනා ,
එවකට 59 වන වියෙහි පසුවූ 2018 ඔක්තෝම්බර් 2 වන දිනයේ තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී, කෂෝග්ජි කෲර ලෙසින් ඝාතනය වුනේ සිය දික්කසාදය සඳහා අවශ්‍ය ලේඛන ලබා ගැනීමට එහි ගිය විටදී, සෞදි රජයේ ඉහළ ම තනතුරු හා සම්බන්ධතා පවත්වන පිරිසක් විසින් මෙම ඝාතනය කරන ලදැයි පසුව හෙළි වුනා ,
ඉකුත් සිකුරාදා දිනයේදී ඇමෙරිකානු බුද්ධි වාර්ථා අනාවරණය කළේ, එම ඝාතනය සල්මාන් කුමරුගෙ අනුමැතියට යටත්ව සිදුව ඇති බවයි. කෙසේවෙතත් මෙම ඝාතනයට සෞදි රජය ඝාතනය සිදු කල පිරිසට දඬුවම් ලබා දුන්නා , ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධය සෞදි රජය ප්‍රතික්ෂේප කරනවා,

Share with your friends :