සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත එල්ලවූ බැලස්ටික් මිසයිල ප්‍රහාර කීපයක් පේට්ට්‍රේට් මිසයිල මගින් මැඩපවත්වා තිබෙනවා , මෙම මිසයිල ප්‍රහාර යේමනයේ හුතී ගරිල්ලන් විසින් එල්ලකළ බවට සැක කෙරෙනවා ,
මෙම ප්‍රහාර වලින් කිසිවකුට තුවාල සිදුවී නැහැ, එහෙත් මිසයිල කැබලි වැටීම නිසා එක නිවසකට සුළු හානි සිදුව තිබෙනවා, මේ හේතුවෙන් රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණෙමින් තිබු ගුවන් යානා ගන්න්නාවක් වෙනත් ගුවන්තොටුපල වෙත හරවා යවා හෝ ප්‍රමාද කර තිබෙනවා ,
සෞදියේ ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරුගේ සහභාගිත්වයෙන් ආරම්භවූ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියක්ද ඒ වන විඅට ඒ ආසන්නයේ පැවැත්වෙමින් තිබී ඇති බවද සඳහන්,
