27 C
Colombo
18/01/2025

පාම් ඔයිල් අඩංගු ආහාර කැනඩාවේ එළදෙනුන්ට දීම තහනම් කරයි-කිරි ආහාරවලට ගැටළු

Share with your friends :

කැනඩාවේ එළදෙනුන්ට ආහාර ලෙස පාම් ඔයිල් අඩංගු ආහාර ලබා නොදෙන ලෙස එරට බලධාරීන් කිරි ගොවිපල වලට දැනුම්දී තිබේ. ඒ පාම් ඔයිල් අඩංගු ආහාර ලබාදුන් එළදෙනුන්ගෙන් ලබා ගත් කිරිවලින් සාදන ලද බටර් තද ගතියකින් යුක්ත බවත් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී එය දියනොවන බවත් හෙළිවීමත් සමගය.
මෑතක සිට කැනඩාවේ බටර් තදගතියකින් යුක්ත බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි මත සිදුකරන ලද පරීක්ෂනවලදී මේ බව හෙළිවී තිබේ.
කොරෝනා වසංගතය සමග ඇතිවූ ලොක්ඩවුන් තත්වයන් නිසා කැනඩාවේ බටර් සඳහා ඉල්ලුම ඉහල ගිය අතර එම ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් බැදීම සඳහා කිරිගොවීන් විසින් මෙසේ එළදෙනුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පාම් ඔයිල් අඩංගු ආහාර ලබා දී තිබේ. මෙහිදී හෙළිවී ඇත්තේ පාම් ඔයිල් නිසා මෙම එළදෙනුන්ගේ කිරිවල පැහැදිලි වෙනසක් සිදුව ඇති බවයි.
පාම් ඔයිල් සාමාන්‍ය ආහාර සඳහා යෙදීම මේ වන විට බොහෝ රටවල ගැටළුවක් වී ඇති අතර බොහෝ සෞඛ්‍ය ප්‍රශ්න වලට එය හේතුවක් බව හෙළිවී තිබේ. ශ්‍රීලංකාවේ කටුපොල් ශාඛ වැවීම තහනම් කරන බව ජනාධ්පති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාවේද සඳහන් කල නමුත් රජයේ ප්‍රත්පත්තිමය තීරණයට අභියෝග කරමින් තවමත් රහසිගතව කටු පොල් වගා කිරීම සිදු කරනු ලබයි.

Share with your friends :