පළාත් සභා මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ලබන බදාදා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වල හිටපු පළාත්සභා මන්ත්‍රීවරු හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.දැනට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී ඇති නීතිමය ප්‍රශ්න අවසන් කිරීම සඳහා ඉදිරි සති කීපය තුල පාර්ලිමේන්තුවේදී පනත් කීපයක් සඳහා සංශෝධන ගෙන ඒමට නියමිතව තිබේ. මීට සමගාමීව රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීමටද රජයේ අවධානය යොමුවී තිබේ.