27 C
Colombo
18/01/2025

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නැවතත් වැසේ

Share with your friends :

නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවර දින හතකට වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබෙනවා. ඒ එම නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි. එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ එම පුද්ගලයාට වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර එම පුද්ගලයා නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකටද ගොස් ඇති බවයි. මිලියන දෙකක පිරිසක් වාසය කරන ඕක්ලන්ඩ් නුවර එංගලන්තයෙන් හමු වූ නව ප්‍රභේදය ආසාදනය වූ එකම පවුලේ තිදෙනෙකු හමුවීමත් සමඟ එම නගරය මීට පෙරද දින තුනකට වසා දැමුනා. කොවිඩ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීමේ වඩාත්ම සාර්ථක රටවල් වලින් එකක් වන නවසීලන්තයෙන් මෙතෙක් හමු වී ඇත්තේ ආසාදිතයින් 2372ක් පමණයි.

Share with your friends :