ඇමරිකානු ගායිකා ලේඩි ගාගා ගේ බුල්ඩෝග් වර්ගයේ බල්ලන් දෙදෙනා හමුවී තිබේ. කාන්තාවක විසින් එම බල්ලන් දෙදෙනා ලොස් ඇන්ජලීස්හි පොලිස් ස්ථානයකට ගෙන විත් භාරදී තිබේ. මෙම කාන්තාව හා සොරුන් අතර සම්බන්ධයක් නැති බව පැවසේ.
බල්ලන් දෙදෙනා සොයා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක (රුපියල් ලක්ෂ දහසක් ) තෑගි මුදලක් පිරිනමන බව ලේඩි ගාගා ප්‍රකාශ කර තිබු නමුත් එම බල්ලන් සොයා දුන් කාන්තාවට එම මුදල ලබා දුන්නේදැයි තවමත් හෙළිවී නොමැත.ලොස්ඇන්ජලීස් හිදී මෙම බල්ලන් පැහැර ගෙන ගොස් ඇත්තේ එම බල්ලන් බලා ගන්නා පුද්ගලයාට වෙඩි තැබීමෙන් පසුවය. ඒ අවස්ථාවේ එම තැනැත්තා බල්ලන් තිදෙනා අවිද්දවමින් සිට ඇත. බල්ලන් දෙදෙනා පැහැර ගෙන මෝටර්ර රථයකින් රැගෙන ගොස් තිබිණි.මෙහිදී බල්ලන් අතරින් කෝජි සහ ගස්ටෝව් යන බල්ලන් දෙදෙනා පැහැර ගෙන ගොස් තිබු අතර අනෙක් බල්ලා පැනගොස් තිබේ. එසේ පැන ගිය බල්ලා පසුව පොලීසිය විසින් සොයා ගෙන තිබිණි.වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බල්ලන් බලා ගත් පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.ඔහු සුවය ලබමින් සිටින බව සඳහන්ය.ඔහුගේ පපුවට වෙඩි වැදී තිබිණි.
34 හැවිරිදි ලේඩි ගාගා මේ දිනවල ඉතාලියේ රෝමයේ චිත්‍රපටයක වැඩ කටයුතු වල නිරත වෙමින් සිටින්නීය.
