ලෝක ප්‍රකට ඇමරිකානු ගායිකාවක වන ලේඩි ගාගා ගේ බුල්ඩෝග් වර්ගයේ බල්ලන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති අතර බල්ලන් දෙදෙනා සොයා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක (රුපියල් ලක්ෂ දහසක් ) තෑගි මුදලක් පිරිනමන බව ඇය ප්‍රකාශ කර තිබේ.
ලොස්ඇන්ජලීස් හිදී මෙම බල්ලන් පැහැර ගෙන ගොස් ඇත්තේ එම බල්ලන් බලා ගන්නා පුද්ගලයාට වෙඩි තැබීමෙන් පසුවය. ඒ අවස්ථාවේ එම තැනැත්තා බල්ලන් තිදෙනා අවිද්දවමින් සිට ඇත. බල්ලන් දෙදෙනා පහර ගෙන වෑන් රථයකින් රැගෙන ගොස් ඇති බව පැවසේ.
මෙහිදී බල්ලන් අතරින් කෝජි සහ ගස්ටෝව් යන බල්ලන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති අතර අනෙක් බල්ලා පැනගොස් තිබේ. එසේ පන ගිය බල්ලා පසුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ.වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බල්ලන් බලා ගත පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
34 හැවිරිදි ලේඩි ගාගා පසුගියදා ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයේදී සජීවීව ගීත ගායනා කල ඇමරිකාවේ සුප්‍රසිද්ධ ගායිකාවකි.
