ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට කලකිරුණ එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිට තබාගෙන ප්‍රකාශ කල නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ රට මේ ආකාරයට යාමට ඉඩදිය නොහැකි බවත් වහාම මැදිහත්වී එය නිසි මගට ගන්නට මැදිහත්වන ලෙසත් අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටියහ.
මෙම ආණ්ඩුව ගෙන ඒමට තමන් වහන්සේලා ගත් මහන්සිය අනුව එවන් වචනයක් කිසිවකුගෙන් අහන්න සූදානම් නැතැයිද තමාට අවශ්‍ය වන්නේ මෙරට පහළ වූ හොඳම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බවට පත් කිරීමට බවද උන්වහන්සේ පැවසූහ.
නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති උත්සව සභාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කරන ලදී.