27 C
Colombo
19/01/2025

ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්ට ලිංගික අපයෝජන කල පුහුණුකරු දිවි නසා ගනී

Share with your friends :

ඇමරිකානු කාන්තා ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ලිංගික අපයෝජනයට ලක් කල බවට චෝදනා එල්ලවූ එහි හිටපු පුහුණුකරු ජෝන් ගෙඩාර්ට් සිය දිවි හානි කරගෙන තිබේ.ඔහුට එරෙහි චෝදනා දැනුම්දීමෙන් පැය කීපයකට පසුව ඔහු මෙසේ සිය දිවි හානිකරගෙන තිබේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස දැන්වීමෙන් පසු එසේ නොකොට මොහු සිය දිවි හානි කරගෙන ඇත.
ඇමරිකානු කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් 250 කට වැඩි පිරිසක් ලිංගික අපයෝජනයට ලක් කල එම කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස සේවය කල ලැරී නසාර්ට 2018 වසරේදී වසර තුන් සියයක සිර දඬුවම් නියම විය.
2012 වසරේ එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල ජෝන් ගෙඩාර්ට් ලැරී නසාර් සමග සමීපව කටයුතු කර තිබේ.
63 හැවිරිදි ජෝන් ගෙඩාර්ට් හට අයත් ජිම්නාස්ටික් ක්‍රීඩා ආයතනයක්ද මිචිගන් හි ඇති අතර එහි වෛද්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේද ලැරී නසාර් ය. ලැරී නසාර් ගේ නඩු විභාගයේදීද ජෝන් ගෙඩාර්ට්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩිකාවන් හෙළිදරව් කරන ලදී.
මොහුට විරුද්ධව ලිංගික , ශාරීරික හා වාචික අපයෝජන චෝදනා 24 ක් එල්ලවී තිබේ. වයස අවුරුදු 13 හා 16 ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ සිද්ධීන් දෙකක් ද ඒ අතර වෙයි.
ඇමරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් ට සිදුවූ ලිංගික අපචාර සිද්ධිය ඇමරිකානු ජන සමාජය හා ක්‍රීඩා ලෝකය දැඩි තැති ගැනීමකට ලක්කළ සිදුවීමක් විය.

Share with your friends :