27 C
Colombo
24/11/2024

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පත්වෙයි

Share with your friends :

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පත්ව තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2021/2022 පාලන කාලය සඳහා සභාපතිවරයා තෝරා පත් කරගැනීමට පැවැති නිලවරණයේදී 26 වැනි සභාපතිවරයා වශයෙන් සාලිය පීරිස් මහතා පත්වුණු එහිදී සාලිය පීරිස් මහතා ඡන්ද 5093 ක්ද, කුවේර ද සොයිසා මහතා ඡන්ද 2707 ක්ද ලබාගත් අතර ඒ අනුව වැඩි ඡන්ද 2386 ක් ලබාගෙන සාලිය පීරිස් මහතා ජය ගත්තේය.
නිලවරණයේ තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා කටයුතු කල අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන් කොළඹ දිසා අධිකරණ පරිශ්‍රයේ ස්ථාන තුනකදී සහ කොළඹින් පිටස්තර අධිකරණවල පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 82 කදී මෙම ඡන්ද විමසීම පැවත්විණි.

Share with your friends :