ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය විසින් උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත අඛණ්ඩව භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරන ලදී. එමගින් මෙට්‍රික් ටොන් 102 කට අධික මුද්‍රිත ද්‍රව්‍ය තොගයක් එහිදී ගුවන් භාණ්ඩ ලෙස ප්‍රවාහනය කරන ලද බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.