27 C
Colombo
19/01/2025

ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය මෘතදේහ භූමදානය ගැන මානව හිමිකම් කවුන්සිලයට

Share with your friends :

ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය මෙරට කෝව්ඩ් මෘතදේහ භූමදානයට ඉඩ නොදීම පිළිබඳව මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී කරුණු දක්වා තිබේ.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය රටවල් 47 ක සහභාගිත්වයෙන් පසුගිය සඳුදා ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ විය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
මේ සඳහා එක්වෙමින් ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් යූසුෆ් අල් ඔතයිමීන් සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් මුහුණ දෙන තත්ත්වය ගැන ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය කණස්සල්ල පළ කරනවා. වෛරසයෙන් මියයන අයගේ දේහයන් භූමදානය කිරීමේ අයිතිය ඔවුන්ට හිමිවී නෑ. අපි ඉතා ඕනෑකමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා, මුස්ලිම් ජනතාවගේ භූමදානය කිරීමේ අයිතිය සහතික කිරීම සඳහා ඉතා ඉක්මන් පියවර ගන්නා ලෙස.” යනුවෙනි.
යූසුෆ් අල් ඔතයිමීන් සවුදි අරාබියේ දේශපාලනඥයෙක්ද වෙයි. ඔහු සවුදි අරාබියේ සමාජ කටයුතු පිලිබඳ කැබිනට් ඇමැතිවරයාය.

Share with your friends :