27 C
Colombo
19/01/2025

බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ තහනම්-මුස්ලිම් විවාහ නීතියේත් වෙනසක් -අලි සබ්‍රි

Share with your friends :

ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමින්, පොදු ස්ථානවල මුහුණ ආවරණය වන අන්දමින්, බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ පැළදීම තහනම් කිරීමට නීතී සකස් කිරීම සඳහා යෝජනා කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවද , විහාර හා දේවාලගම් පනත අහෝසි නොකරන බවද අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකව්ඡාකදී පැවසීය.
මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අලි සබ්‍රි මහතා පැවසුවේ මෙතෙක් මුස්ලිම් විවාහ නීතීයේ තිබු කරුණු වෙනස් කළ බවත් අනුව විවාහයක් සිදුකිරීම සඳහා මුස්ලිම් ගැහැණු ළමයාගේ වයස අවුරුදු 18 ක් විය යුතු බව මෙන්ම එම විවාහය සඳහා ගැහැණු ළමයාගේ කැමැත්ත තිබිය යුතු බවත්ය.

Share with your friends :