ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා උන්වහන්සේ තරග වැදීමට බලාපොරොත්තුවෙන් පසු වූයේ ක්‍රිකට් ආයතන උප සභාපති තනතුර සඳහා ය.
උන් වහන්සේගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත්තේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරිම තිබීම එහි ප්‍රධාන තනතුරු සඳහා පත් වීමට අවශ්‍ය සුදුසුකම සම්පුර්ණ නොවීම හේතුවෙනි.
සීලරත්න හිමියන් නාමයෝජනා දෙන ලද්දේ උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා ය.ඉදිරි වසර දෙක සඳහා (2021-2023) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කරගැනීමේ නිලවරණය 2021.05.20 දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.