ඇමරිකා එක්සත් ජනපදය ලෝක ප්රකට ඇපල් සමාගම පසුගිය වසර හය තුල වෙනත් සමාගම් 100 ක් පමණ මිලදී ගත බව එහි ප්රධාන විධායක ටීම් කුක් හෙළිදරව් කර තිබේ.
ඒ අනුව ඔහු පවසන්නේ සෑම සති තුනක් හෝ හතරකට වරක් ඇපල් සමාගම විසින් වෙනත් සමාගමක් මිලදී ගනු ලබන බව ඔහු සඳහන් කර තිබේ.
තාක්ෂණ සමාගම් හා විවිධ හැකියාවන්ගෙන් යුත් සමාගම් මෙසේ වැඩි වශයෙන් ඇපල් සමාගම විසින් මිලදී ගෙන තිබේ.
කෙසේ වෙතත් ඇපල් සමාගම මෙම මිලදී ගැනීම් වලට වියදම් කර ඇති මුදල සාපේක්ෂව අඩු මුදලක් වන අතර ඊට හේතුවී ඇත්තේ අදාළ සමාගම් ඉතාම අඩු මිල ගණන් වලට මිලදී ගැනීමය.