නයිජර් ජනාධිපතිවරණයෙන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක මොහමඩ් බාසෝම් ජයගෙන තිබේ. ඔහු 55.75 ඡන්ද ලබා ගනිමින් හිටපු ජනාධිපතිවරයකු වන මෝහමෙන් උස්මේන් පරාජය කර තිබේ. හිටපු ජනාධිපතිවරයාට හිමි වුයේ සියයට 44.25 ක ඡන්ද ප්රමාණයකි.මෝහමෙන් උස්මේන් 1993 දී ජනාධිපති ධුරයට පත්වුයේ එරට ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසය. එහෙත් වසර තුනකට පසුව ඔහුව කුමන්ත්රණයකින් බලයෙන් පහ කරන ලදී. එතැන් සිට පස් වතාවක් ඔහු ජනාධිපතිවරණ සඳහා තරග කලද ඔහු පරාජයට පත් විය.
වත්මන් ජනාධිපතිවරයා වන මොහමඩු ඉසොෆෝ මෙවර තරග නොකළ අතර ඔහු දෙවතාවක්ම එරට ජනාධිපති ධුරය දැරීය.නයිජර් රාජ්‍යයට 1960 දී ප්‍රංශයෙන් නිදහස හිමිවිය.