27 C
Colombo
19/01/2025

දරුවන්ගේ වැඩ-නිවසේ කටයුතු වලටත් කාන්තාවන්ට දික්කසාදයකදී වන්දි දෙන නව නීති

Share with your friends :

විවාහක කාන්තාවක් දරුවන් රැක බලා ගැනීම හා වර්ධනය කිරීම , ආහාර පාන සකස් කිරීම , වැඩිහිටියන් රැක බලාගැනීම හා සැමියාගේ කටයුතුවලට උදව් කිරීම ආදී සියලු දේ සඳහා වටිනාකමක් ඇතැයි චීනයේ අධිකරණයක් විසින් දික්කසාද තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ. දික්කසාද නඩුවලදී මෙතෙක් සලකා බැලුනේ විවාහයකදී දෙදෙනා විසින් සිදු කල ඉපයීම් හා මිලදී ගැනීම් දේපල වැනිදේ පමණි.
එහෙත් පසුගිය කාලයේ චීනයේ වෙනස් කල සිවිල් නීතිවලට අනුව නිවසේ වැඩ කිරීම වෙනුවෙන් සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස පුද්ගලයෙක්ට නියෝග කර තිබේ.
චෙන් නමැති චීන ජාතිකයාට 2010 වසරේදී දී වෑන් නමැති කාන්තාව මුණගැසුනු අතර ඔවුන් දෙදෙනා 2015 වසරේදී විවාහ වී තිබේ.ඔවුන් දෙදෙනාට විවාහයෙන් පුතෙකු සිටී. 2020 වසරේදී චෙන් හට සිය බිරිඳගෙන් දික්කසාද වන්නට අවශ්‍ය විය. ඒ අනුව ඔහු දික්කසාද නඩුවක් පැවරීය.මුලදී දික්කසාද වීම කාන්තාව විසින් ප්‍රතික්ෂේප කල නමුත් ඇය පසුව ඒ සඳහා මූල්‍යමය වන්දියක් ඉල්ලීය.
ඇය පැවසුවේ තම සැමියා කිසිදු දිනෙක නිවසේ වැඩ සඳහා කිසිදු සහායක් නොදුන් බවත් දරුවාගේ වැඩ කිරීමට ද කිසිදු සහායක් නොදුන් බවත් ය.
ඒ අනුව වසර පහක් තිස්සේ නිවසේ වැටුප් රහිතව සේවය කල සේ සලකා යුආන් පනස් දහසක මුදලක් ගෙවන ලෙස චෙන් හට අධිකරණය නියම කර තිබේ. මීට අමතරව දරුවාගේ අයිතියද කාන්තාවට ලබා දුන් අධිකරණය මාස්පතා ඇයට යුආන් 2000 බැගින් නඩත්තු මුදලක්ද ගෙවන ලෙස අධිකරණය චෙන් හට නියෝග කර තිබේ.
චීනය විසින් නව සිවිල් නීති ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.නව නීති අනුව දික්කසාදයකදී කාන්තාවගෙන් පවුලට වූ සේවය ද සලකා බලෙන අතර එහිදී එයටද වටිනාකමක් එක් කෙරේ.සාමාන්‍යයෙන් චීන කාන්තාවක් දිනකට පැය 4 ක් නිවසේ කටයුතු සඳහා වැය කරන බව පැවසේ.
මෙම නඩු තීන්දුව ලොව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන්ම මෙය කාන්තාවන්ගේ අයිතිය සම්බන්ධයෙන් ලැබුණු සුවිශේෂී තීන්දුවකි. සාමාන්‍යයෙන් චීනය මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතාම අඩු දායකත්වයක් දෙන රටක් වුවද මෙම සිද්ධිය විශේෂ සිද්ධියකි.

Share with your friends :