27 C
Colombo
19/01/2025

2020 වර්ෂයේ රුපියල් බිලියන 659 ක මුදල් අච්චු ගහලා – චම්පික රණවක

Share with your friends :

වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා ඇතැයිද මෙම පෙබරවාරි මාසයේ ගතවූ දින 19 ඇතුළත රුපියල් බිලියන 48ක මුදල් අච්චු ගසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
“දිනකට රුපියල් බිලියන 3.5ක් 4ක් මුදලක් අච්චු ගසමින් රට කොතෙක් දුර යා හැකිදැයි ඔහු ප්‍රශ්න කර සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
පසුගිය නොවැම්බර් මාසයේ භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය වශයෙන් ණය ගැනීමට යාමේදී මෙවර අපට සිටියේ 45% ක් පමණයි, නමුත් මීට ඉහත ආණ්ඩුවට ණය ලබාදීමට අවශ්‍ය තරම් අය පෝලිමේ සිටියා , මේ හේතුවෙන් ඉතිරි 55% මුදල් අච්චුගැසීමට භාණ්ඩාගාරයට සිදුවුනා
වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චු ගහලා , 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 ක්, මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කර තිබේ. මෙය 2019 වර්ෂයත් සමඟ සංසන්දනය කළ යුතුය. 2019 වර්ෂයේ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් පමණයි,
බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චුගසමින් යනවා ,
මෙහි යථාර්ථය පාරට ගිය විට පෙනෙන්නට තිබෙනවා , කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 ක්, අඹ කිලෝවක මිල රුපියල් 500 ක් , අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 ක්, කහ කිලෝවක මිල රුපියල් 8000 ක්, මෙම මුදල් අච්චු ගැසීමෙන් අපි කොපමණ ඩොලර් ඉපයූවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම වළක්වා ගන්න බැහැ , රුපියල් ප්‍රමාණය වැඩි වුවාට ඩොලර් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ,
පසුගිය ජනවාරි 19 වන දින සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියත් ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණයි,
ඒ නිසා අපට සිදුවුණා, අපේ සංචිත වලින් එය ගෙවීමට. මතක තියාගන්න, යහපාලනයට බැන්නට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 2019 නොවැම්බර් 16 දින වනවිට ඩොලර් බිලියන 7.2 ක් (මිලියන 7200 ක්) මේ රටේ ඉතුරු කරල තිබුණ බව. අද අප සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 කි. ඉන් ආසන්නයෙන් 0.5 ක් රත්‍රන්ය. රත්‍රන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මීට ඉහත සංචිත තුළ තිබුණි. එම රත්‍රන් තොගය අපට අහිමි වෙලා

අප සතු මේ බිලියන 4.5 ක් වූ සංචිතය කොපමණ ප්‍රමාණවත් ද ? මේ වසරේ පමණක් බිලියන 6.5 ක් ණය ගෙවීමට තිබෙනවා , ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව, ඉරාකය, ඇන්ගෝලාව වැනි රටවල් මට්ටමට දමා තිබෙනවා , කෝවිඩ් වසංගතයෙන් රටවල් ගලවා ගැනීමට IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සෑම රටකටම ආධාර ලබාදුන්නා , පාකිස්තානයට හා නේපාලයටත් ලබාදුන්නත් අපට දුන්නෙ නැත්තේ ඇයි ?

ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවී ඇත්තේ කෝවිඩ් නිසා නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසායි, ලංකාවට ණය ලබා දී ඵලක් නොමැති බව ඔවුනගේ මතය, මේ ආකාරයට ගොස් රට බංකොළොත් වුවහොත් මොනවගේ දෙයක් වෙයි ද ? ග්‍රීසියේ කතාව කොයි වගේද ? ලෙබනනයේ, ඇෆ්ගනිස්ථානයේ කතා කොයි වගේ ද ?”
චම්පික රණවක පැවසීය.

Share with your friends :