27 C
Colombo
19/01/2025

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි

Share with your friends :

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිත ය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.52ට ආමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කවුන්සිලයේ සාමාජික රටවල් අමතමින් කරුණු දක්වන අතර එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගැන හෙතෙම අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කවුන්සිලයේ සාමාජික රටවල් අමතන බව ද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
තවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව හෙට (24) දිනයේ කවුන්සිලයේ සභාගත කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පිළිතුරු දැක්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා විසින් එදිනම සිදු කරන බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ලබන මාර්තු 23 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත.

Share with your friends :