පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබ ඇත.
2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වැනිදා 5 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කොමිසන් සභාවක් පත්කරනු ලැබීය.
