ගෑස් මිල ඉහල දැමීම ඉදිරි දිනවලදී සිදු කරන්නට නියමිත බවට දැඩි කතාබහක් ඇතිවී තිබේ. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ශීග්රයෙන් ඉහළයාම නිසා මේ වන විට ගෑස් සමාගම් දෙකම විශාල වශයෙන් පාඩු ලබන බව සඳහන්ය.
කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයකින් රුපියල් පන්සියයක පමණ පාඩුවක් ගෑස් සමාගම් වලට සිදුවන බව සඳහන්ය.
එම පාඩුව දරා ගැනීමට අපහසු බැවින් රුපියල් තුන්සියයක පමණ මුදලකින් ගෑස් සිලින්ඩරයක මිල ඉහල දැමීමට නියමිතය. කෙසේ වෙතත් මේ මිල ගණන් සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැත.